දැනුම කුසලතා හා ආකල්ප වලින් හෙඛි සාරධර්ම අගයන අනාගත අභියෝග ජයගතහැකි පරිසර හිතකාමී දේශයට ආදරය කරන දරු පිරිසක් රටට දායාද කිරිම අපගේ මෙහෙවරයි
තොරතුරු තාක්ෂණ සංගමය
විදුහලේ පරිගනක මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යන තොරතුරු තාක්ෂණ සංගමය මෙම මස 13 වන බදාදා දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඉදිරි වසරේ සිදු කලයුතු කාර්යයන් සම්මත කර ගැනීම හා නව නිළධාරීන් පත්කර ගැනීම මෙදින ප්‍රමුඛ කාර්යයන් වේ. මේ සදහා සහභාගීවන මෙන් විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්ට සහ සිසුන්ට ආරාධනා කරමු.
ගුරු උපහාර
ජාත්‍යාන්තර ගුරු දිනය සැමරීමේ චාම් හා කෙටි උත්සවයක් විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සංවිධානයෙන් පසුගිය 08 වන සිකුරාදා දින විදුහලේදී පැවත්විණ. සිසුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කොට මෙය පැවත්වීම මෙහි විශේෂත්වයි.
පාසල් අධීක්ෂණය
පාසලේ කටයුතු අධීක්ෂණය සදහා පසුගිය බ්‍රහස්පතින්දා දින එනම් 2010.10.07 දින වලස්මුල්ල කලාප කාර්යාලයේ නිළධාරින් පිරිසක් පාසලට පැමිණි අතර, දිනය අවසානයේ සියළුම ගුරුවරුන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රගති සමාලෝචන රැස්විමක්ද පවත්වන ලදි. මෙහිදී සමස්ථයක් ලෙස පාසලේ යම් ප්‍රගතියක් පෙන්වන බව සියලුම දෙනාගේ පිලිගැනීම විය.
සාහිත්‍ය සමිතිය
මෙම මාසයේ සිංහල සහිත්‍ය සමිතිය පසුගියදා විද්‍යාලීයිය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි. මෙහිදී "ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය" යන මාතෘකාව යටතේ විවාදයක් සංවිධානය කොට පවත්වන ලදි.
ගුරු දෙගුරු හමුව
රිටිගහයාය මහ විදුහලේ ගුරු දෙගුරු සබදතාවය ශක්තිමත් කරමින් තවත් ගුරු දෙමාපිය හමුවක්, 10 ශ්‍රේණිය සිසුන්ගේ දෙමාපියන් සදහා 2010.10.05 දින විදුහලේදී පවත්වන ලදි. මෙහිදී විවිධ විෂයන් ඔස්සේ සිසුන් ඇගයීම, දෙමාපියන් හමුවේ සිදු විය.
ලෝක ළමා දිනය
2010.10.01 දිනට යෙදෙන ජාත්‍යාන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් අප විදුහලේ පැවති චාම් උත්සවය විදුහලේ ක්‍රීඩා පිටිය අසලදී පවත්වන ලදි. මෙහිදී සිසුන් සදහා, ගුරුභවතුන් විසින් සුළු සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.
ශිෂ්‍යත්ව විභාගය - 2010
2010 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් රිටිගහයාය ප්‍රථමික විදුහලේ සිසුන් දෙදෙනෙකු ඉහල ලකුණු ලබා ගනිමින් සමත් වී ඇති අතර ලකුණු 100 ට වඩා ලබා ගත් සිසුන් 18 දෙනෙකු සිටින බවද අනාවරණය වී ඇත.
ත්‍යාග ප්‍රධානෝත්සවය
2010 දෙවන වාරය අවසානයේ පැවති වාර විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් සිසුන් හා විද්‍යාලය නියෝජනය කරමින් විවිධ විෂයන් යටතේ පවත්වන ලද තරග වලින් ජය ලැබූ සිසු දරුවන් අගයනු වස් ත්‍යාග ප්‍රධානෝත්සවයක් විදුහලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. මෙහිදී සංගීත හා නර්තන අංශය නියෝජනය කරමින් විවිධ විශේෂාංග ඉදිරිපත් කර තිබිණි.
පාසල් අධීක්ෂණය
අප පාසලේ කටයුතු අධීක්ෂණය සදහා පසුගිය අගහරුවාදා දින එනම් 2010.06.29 දින වලස්මුල්ල කලාප කාර්යාලයේ නිළධාරින් කණ්ඩායමක් පාසලට පැමිණි අතර, දිනය අවසානයේ සියළුම ගුරුවරුන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රගති සමාලෝචන රැස්විමක්ද පවත්වන ලදි.
පාසලේ පැවති සීල සමාදාන වැඩසටහන
ජුනි මස 25 වන දිනට යෙදී ඇති පොසොන් පොහොය නිමිිති කරගෙන 2010.06.24 වන දින පාසලේ පැවති සීල සමාදාන වැඩසටහන සදහා පාසලේ සිසු දරුවන් මෙන්ම ගුරුභවතුන්ද සහභාගී විය. වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සිසුන්ගේ දෙමාපියන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් ලද සහයෝගය ස්තුති පූර්වකව සිහිපත් කරමි.